About Project

  

Open.Gov ව්‍යාපෘතිය 2020

Village Management System

තාක්ෂණයෙන් ගමට සෞභාග්‍යය

ශිල්ප සයුර පදනම විසින් ශ්‍රී ලංකා එක්සත් ග්‍රාම සේවා සංගමය එක්ව ක්‍රියාත්මක කරයි.

ගැටලුව: 

සමාජ ආරක්ෂාව, සෞඛ්‍ය, සුභසාධනය, සේවා නියුක්තිය, ආරක්ෂාව, ජලය, විදුලිය සහ අධ්‍යාපන සේවා ආදී 

පුරවැසියන්ගේ සමාජ හා ආර්ථික අයිතිවාසිකම් සපුරාලීම සඳහා වගකිව යුතු රාජය ආයතන හා සන්නිවේදනයට මෙන්ම නිදහස් සහ විවෘත ලෙස එම සේවා වලට පිවිසීමේදී හිදැස් පවතී. 

මේ හේතුව නිසා පුරවැසියන් රජය සමග සන්නිවේදනයට, සම්බන්ධ වීමට,  උපදේශනයට හා එක්ව වැඩ කිරීමට බාධා පවතී. එම නිසා රාජ්‍ය සේවාවන්හි විනිවිදභාවය, ප්‍රතිචාරය හා වගවීම  දුර්වල වී ඇත. 

වසර සියයක් පමණ පැරණි ලිපි  හා ලිපිගොනු ආශ්‍රිත  ක්‍රමවේදය හැරුණු විට අවදානමට ලක් විය හැකිය ප්‍රජාවන්ට රජය සමඟ සන්නිව්දනය  කිරීමට ඵලදායී ක්‍රමයක් නොමැත. රාජ්‍ය ආයතන කාර්යක්ෂමතාවය හා නිලධාරීන්ගේ සේවා ඇගයීම, කලාපීය පාලනය, 

සේවා ප්‍රතිසංසේකරණ සහ ක්‍රියාවලීන් වැඩිදියුණු කිරීමට නව ක්‍රමවේදයන් නොමැති වීමෙන් රජයේ ප්‍රතිපත්ති හා ඉලක්කගත සංවර්ධනය ක්‍රියාත්මක කිරිමේ ඵලදායිතාවය හීන කරයි.

විසඳුම:

Open.Gov  වය්‍යාපෘතිය මගින් ග්‍රාමීය මට්ටමේ රාජ්‍ය ව්‍යුහය හා සම්බන්ධ නිලධාරින්, ප්‍රජා සංවිධාන සමග පුරවැසියන් අතර සමාජ ආර්ථික හා රාජ්‍ය සේවා සැපයුම් කාර්යක්ෂමතාවය වැඩිදියුණු කිරීම ඉලක්ක කර ගත් අන්තර්ජාලය හා ජංගම දුරකථන ආශ්‍රිත සන්නිවේදන පද්ධතියක් එක් එක් ගම සඳහා නිර්මාණය කෙරේ. 

මෙම පද්ධතියේ අරමුණු වන්නේ වඩා හොඳ සමාජ ආර්ථික සේවාවක් රජයෙන් ගම්වාසීන්ට ලබාදීමට හේතුවන පරිදි නිලධාරීන්ගේ කාර්යක්ෂමතාවය නැංවීමටත්,  ඔවුන්ගේ කාලය ඉතුරු කර ගැනීමටත්, රජයේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේදී ගම්වාසීන්  සහභාගි කරවා ගැනීමටත්, නිලධාරීන් හා ප්‍රජා නායකයන් අතර ද, ගම්වාසීන් අතර ද සන්නිවේදනය නංවාලීමටත්, ආර්ථික සම්පත් කාර්යක්ෂම ලෙස හුවමාරුවටත් මෙන්ම ගම්වාසීන්ගේ සමාජ, ආර්ථික හා සංස්කෘතිමය වර්ධනය උදෙසා තොරතුරු හුවමාරුව ද  වේ.

නියමු ව්‍යාපෘතිය:

Open.Gov නියමු ව්‍යාපෘතිය මහනුවර දිස්ත්රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 10 ක, ග්‍රාම නිලධාරී කොට්ඨාශ 50ක, රාජ්‍ය නිලධාරීන් 300ක්, ප්‍රජා නායකයන් 500ක් හා ගම්වාසීන් 5000 ක් සම්බන්ධ කරමින් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වේ.

ක්‍රියාත්මක කිරීම:

ශ්‍රී ලංකාවේ පරිණත සමාජ සංවර්ධන ආයතනයක් වන ශිල්ප සයුර පදනම , ශ්‍රී ලංකා එක්සත් ග්‍රාම නිලධාරී සංගමය හා එක්ව ආසියානු පදනමේ ආධාරයකින් මෙම ව්‍යාපෘතිය ස්ථාපනය කරයි.

ව්‍යාපෘති කාලය : මාස 15යි

ක්‍රමවේදය:

1. අවශ්‍යතා අධ්‍යනය

2. මෘදුකාංගය සැලසුම් කිරීම

3. මෘදුකාංග සංවර්ධනය

4.ගම්මාන 50 ක් සඳහා ජංගම දුරකථන 100ක් ලබා දීම

5. රාජ්‍ය නිලධාරීන් 300ත්  පුහුණුව

6. ප්‍රජා නායකයින් 500ක් පුහුණුව

7. ගම්වාසීන් 5000 ක් පුහුණුව

8. මෘදුකාංගය  නඩත්තු කිරීම හා සේවාව

9. ව්‍යාපෘතිය නියාමනය හා ඇගයීම

10. මාධ්‍ය හා ප්‍රචාරණය


තිරසාරභාවය:

මෙම ව්‍යාපෘතිය මත එහි වර්ධනය සඳහා ශිල්ප සයුර විසින් නිර්මිත online තාක්ෂණ අධ්‍යාපන සේවය සහ ග්‍රාමීය නිෂ්පාදන අලෙවි කිරීමේ සේවාවන් උපයෝගී කොටගෙන තිරසාර ග්‍රාමීය වෙළෙඳ පොළක්  ගොඩනගනු ඇත.


ඒ අතරම ශ්‍රී ලංකා එක්සත් ග්‍රාම නිලධාරී සංගමය හා ස්වදේශීය කටයුතු අමාත්‍යාංශය සමග සම්බන්ධ වී  අනිකුත් ග්‍රාම සේවා වසම් සඳහා ද, ව්‍යාපෘතිය විශාලනය කිරීමට අදහස් කරයි. 

 

විශේෂත්වය:

පවතින රාජ්‍ය පාලන ක්‍රමවේදය ශක්තිමත් කිරීමට සන්නිවේදනය හා තොරතුරු හුවමාරුවට අන්තර්ජාලය හා ජංගම දුරකථන ආශ්‍රයෙන්  තාක්ෂණය නව්‍යකරණය සහ බිම සිට ගොඩ නැගෙන පරිදි තාක්ෂණ ප්‍රජාව, ග්‍රාම නිලධාරීන් , ප්‍රජා නායකයන් හා ගම්වාසීන් එක්ව සැලසුම්කර ගොඩනගන ව්‍යාපෘතියක් වේ.






No comments:

Post a Comment