Sunday, February 21, 2021

Open.Gov ව්‍යාපෘතිය

Open.Gov ව්‍යාපෘතිය


"කාර්යක්ෂම මහජන සේවාවක් සඳහා තාක්ෂණය"

 "திறமையான குடிமக்கள் சேவைகளுக்கான தொழில்நுட்பம்" 

 "Technology for Efficient Citizen Services" 




ගැටළුව : Covid-19 වසංගතය නිසා රාජ්‍ය සේවා ලබා ගැනීමේදී හා සැපයීමේ දී පුරවැසියන් හා රාජ්‍ය නිලධාරීන් අතර සන්නිවේදනයේ ගැටළු ඇති වී ඇත. මින් වඩාත් අපහසුවකට ලක්වී තිබෙන්නේ ග්‍රාමීය ජනතාවයි. මේ නිසා පුරවැසියන්ට රාජ්‍ය නිලධාරීන්ගෙන් සමාජ ආරක්ෂණව සුභසාධනය සෞඛ්‍ය සේවා ආර්ථික සංවර්ධන කෘෂිකාර්මික හා අනිකුත් රාජ්‍ය සේවා සපුරා ගැනීමට බාධා පැමිණ ඇත.

 Covid-19 හේතුකොටගෙන සමාජ දුරස්ථ භාවය පවත්වා ගැනීමට සිදුවීම නිසා , පුරවැසියන් රජය සමග සන්නිවේදනයට, සම්බන්ධ වීමට, උපදේශනයට හා එක්ව වැඩ කිරීමට පෙර නොතිබූ බාධාවන් මතු වී ඇත. එය රාජ්‍ය සේවාවන්හි ප්‍රතිචාරය, විනිවිදභාවය, හා වගවීම දුර්වල කිරීමට හේතු වන බව පෙනී යයි.

 වසර සියයක් පමණ පැරණි ලිපි හා ලිපිගොනු ආශ්‍රිත ක්‍රමවේදය හැරුණු විට ග්‍රාමීය ජනතාවට රාජ්‍ය නිලධාරීන් සමඟ සන්නිවේදනය කිරීමට ඇති පහසුකම් ඉතා අල්පය. ග්‍රාමීය ජනතාවට රාජ්‍ය සේවා වලට පිවිසීමේ පහසුව මත රජයේ ප්‍රතිපත්ති හා ඉලක්කගත සංවර්ධනය ක්‍රියාත්මක කිරිමේ කාර්යක්ෂමතාවය හා ඵලදායිතාවය තීරණය වේ. 

අපගේේ විසඳුම: 

ප්‍රජා මූලික ක්‍රමවේදයක් වන Open.Gov ව්‍යාපෘතියේ අරමුණ තාක්ෂණය මත ගොඩනැගෙන කාර්යක්ශම සන්නිවේදන හා තොරතුරු හුවමාරු උපාංගයක් එක් එක් ගම සඳහා ලබා දීමයි. 


ඒ සඳහා Open.Gov වය්‍යාපෘතිය මගින් ග්‍රාමීය මට්ටමේ රාජ්‍ය නිලධාරින්, පුරවැසියන් හා ප්‍රජා සංවිධාන අතර අන්තර්ජාලය හා ජංගම දුරකථන තාක්ෂණය භාවිතා කරමින් එක් එක් ගම සඳහා සන්නිවේදන උපාංගයක් (app) නිර්මාණය කෙරේ. 

httpp://g.info.lk නමින් හැඳින්වෙන මෙම අඩවියට රාජ්‍ය නිලධාරීන්ට සහ පුරවැසියන්ට ජංගම දුරකථන හා පරිගණක මාර්ගයෙන් පිවිසීමටත් ඒ මගින් ඔවුන් අතර සන්නිවේදනය කිරීමටත්, රාජ්‍ය සේවා ලබා ගැනීමට, තොරතුරු හුවමාරුුව  සහ එක්ව වැඩ කිරීමටත් පහසුකම් සපයයි.

 Open.gov උපාංගය මගින් ග්‍රාමීය නිලධාරීන් විසින් පුරවැසියන්ට ලබාදෙන සමාජ ආර්ථික හා රාජ්‍ය සේවාවල කාර්යක්ෂමතාවය වැඩිදියුණු කිරීමටත් ඔවුන් අතර සන්නිවේදනය සහ සබඳතා වැඩි දියුණු කිරීමටත් අදහස් කරයි.

එවිට එම පද්ධතිය භාවිතයෙන් වඩා හොඳ හොඳ සමාජ ආර්ථික හා රාජ්‍ය සේවාවක් ගම්වාසීන්ට ලබාදීමට රාජ්‍ය නිලධාරීන්ට හැකියාව ලැබෙනු ඇත.

 රාජ්‍ය නිලධාරීන් විසින් පුරවැසියන්ට ලබාදෙන රාජ්‍ය සේවාවල කාර්යක්ෂමතාවය නැංවීමටත්, කාලය ඉතුරු කර ගැනීමටත්, රජයේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේදී ගම්වාසීන් සහභාගි කරවා ගැනීමටත් හැකිවීම මෙම උපාංගගේ විශේෂත්වයකි. දීර්ඝ කාලීනව රාජ්‍ය නිලධාරීන්, ගම්වාසීන් හා ප්‍රජා නායකයන් අතර මනා සන්නිවේදනයක් ඇතිවීමෙන් සමාජ, ආර්ථික හා සංස්කෘතිමය වර්ධනයක්ද , ආර්ථික සම්පත් කාර්යක්ෂම ලෙස හුවමාරුවටත් ධනාත්මක බලපෑමක් ඇති වීම open.gov ව්‍යාපෘතියෙන් අපේක්ෂා කෙරේ. 

 Open.Gov නියමු ව්‍යාපෘතිය මෙය මහනුවර දිස්ත්රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 10 ක, ග්‍රාම නිලධාරී කොට්ඨාශ 50ක, රාජ්‍ය නිලධාරීන් 300ක්, ප්‍රජා නායකයන් 500ක් හා ගම්වාසීන් 5000 ක් සම්බන්ධ කරමින්.  2020- 2022 දක්වා වර්ෂ වලදී ක්‍රියාත්මක කිරීම අරඹා ඇත. 


ඉන්්ලබන සාර්ථකත්වය අනුව මහනුවර දිස්ත්‍රික්කය පුරා ද, මධ්‍යම පළාත හා අනෙකුත් පළාත් වලට ද විදහා ලීමට අදහස් කෙරේ. එක් ගම සඳහා ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී ගේ නායකත්වයෙන්, අනිකුත් ග්‍රාමීය හා ප්‍රාදේශීය නිළධාරීන්ගේ සහ ප්‍රජා සංවිධාන නායකයන් ගේ සහයෝගයෙන් Open.Gov ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලබයි. 

ඒ සඳහා විවිධ රාජ්‍ය ආයතන හා සංවිධාන වලට ද සම්බන්ධ විය හැක. ඒ සඳහා අපි ඔබට ද ගෞරවයෙන් ආරාධනා කරමු. මේ පිළිබඳව වැඩි විස්තර සඳහා ඔබගේ ප්‍රදේශයේ ග්‍රාමසේවා නිලධාරී අමතන්න. නැතහොත් http://g.info.lk වෙත පිවිසෙන්න. 

ක්‍රියාත්මක කිරීම: ශ්‍රී ලංකාවේ පරිණත සමාජ සංවර්ධන ආයතනයක් වන ශිල්ප සයුර පදනම (shilpasayura.org) සමග ශ්‍රී ලංකා එක්සත් ග්‍රාම නිලධාරී සංගමය සහකාරිත්වයෙන් ආසියානු පදනමේ ආධාරයකින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරයි. 

ව්‍යාපෘති කාලය : මාස 15 - 18

 Open.gov.ව්‍යාපෘතිය පළමුව ග්‍රාමීය අවශ්‍යතා අධ්‍යයනයක් කළ අතර, ඒ අනුව සන්නිවේදන සහ සේවා සැපයුම් මෘදුකාංගයක් නිර්මාණය කෙරෙමින් පවතී. එය ඔබට http://g.info.lk වෙතින් අත්හදා බැලිය හැක. 

දැනටට එක් එක් ගමක් සඳහා ජංගම-දුරකථන දෙක බැගින් ග්‍රාම නිලධාරි කොට්ඨාශ 50 සඳහා ස්මාර්ට් ජංගම දුරකථන 100 ක් ලබාදී ඇති අතර, ග්‍රාමීය නිලධාරීන් පුහුණුව ද අරඹා ඇත. 


තිරසාරභාවය: 
මෙමම ව්‍යාපෘතියට අධ්‍යාපනය සහ ග්‍රාමීය සංවර්ධනය වෙනුවෙන් ලෝක සම්මාන ලාභී ශිල්ප සයුර විසින් තාක්ෂණය ලබා දෙයි. 

එය ගම්මාන මට්ටමෙන් ස්ථාපනය කරනු ලබන්නේ ලංකාව පුරා විහිදුනු සාමාජිකත්වයක් සහිත ශ්‍රී ලංකා එක්සත් ග්‍රාම නිලධාරී සංගමය විසිනි. අනාගතයේදී සෑම ගමක් සඳහාම විද්‍යුත් වාණිජ්‍ය උපාංගයක් සහ ගමේ නිෂ්පාදන අන්තර්ජාලය හරහා විකිණීමට පහසුකම් සැපයීමටද, රාජ්‍ය නිලධාරීන්ගේ මෙන්ම ග්‍රාමීය දරුවන්ගේ තාක්ෂණ අධ්‍යාපනය නැංවීමටද open.gov ව්‍යාපෘතිය අදහස් කරයි. 

  ප්‍රතිලාභීන්ගේ දායකත්වයෙන් අන්තර්ජාලයේ ග්‍රාමීය ආර්ථික පද්ධතියක් ගොඩ නගන බැවින් තිරසාර සේවාවක් ලෙස දියුණු වීමට හැකියාවක් පවතී. 

විශේෂත්වයය: 

පවතිනන රාජ්‍ය පාලන ක්‍රමවේදය ශක්තිමත් කිරීමට සන්නිවේදනය හා තොරතුරු හුවමාරුවට අන්තර්ජාලය හා ජංගම දුරකථන ආශ්‍රයෙන් තාක්ෂණය නව්‍යකරණය සහ බිම සිට ගොඩ නැගෙන පරිදි තාක්ෂණ ප්‍රජාව, ග්‍රාම නිලධාරීන් , ප්‍රජා නායකයන් හා ගම්වාසීන් එක්ව සැලසුම්කර ගොඩනගන ව්‍යාපෘතියක් වේ.

 ලෝකයේ දැනට මෙවැනි ප්‍රජා මූලික ව්‍යාපෘතියක් සිදු කර නොමැති අතර රාජ්‍ය සේවා තාක්ෂණය මගින් නව්‍යකරණයේ නව පියවරක් ලෙස open.gov හැඳින්විය හැක Open.Gov ව්‍යාපෘතිය සාර්ථක කරගැනීමට ඔබගේ සහය ද වැදගත් වේ යැයි අප සිතමු. 

එකතු වන්න අප සමග.







Wednesday, December 30, 2020

New Logo Design

 New Logo Design Approved by partners and stakeholder community for Open.Gov Project



Project Management responding to Covid-19 Pandemic is a new experience

Project Management responding to Covid-19 Pandemic is a new experience. However with strong partners and online strategies seems to help to stay on track.

Phase end Partner Review and Planning meeting with the physical and online presence of partner members.
26 Dec 2020

Open.Gov : Covid -19 තුල සන්නිවේදනය සහ සේවා සැපයීම

 




https://transcripts.gotomeeting.com/#/s/127682c518d24ecb48e659946b3cd4c23cbae621a2683df5368650505b3949e1

Open.Gov Forum #1







 https://transcripts.gotomeeting.com/#/s/0d95a2fb80459814632a4d7032e70840adbc64d5405f8772e849e4739bab6404

Handing over 50 smart phones to Grama Niladhari Association

Handing over 50 smartphones to Grama Niladhari Association to distribute among 50 Grama Niladharis to start training